Responsive image
English site
English site

දිනය: 16-09-2019 | වේලාව: පෙ.ව 08:57 | 90

අගමැති රනිල් අද වංචා දූෂණ සෙවීමේ ජනපති කොමිසම හමුවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

 2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි සැළකෙන වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව එම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ. 

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් ලබා ගැනීම සම්බන්ධ පැමිණිල්ලට අදාළ සාක්ෂි විමසීම සඳහා එම කැඳවීම සිදුකර තිබේ. 

අද පෙරවරු 09.30ට ජනාධිපති කොමිෂන් සභාව අග්‍රාමාත්‍යවරයාගෙන් සාක්ෂි විමසීමට නියමිතයි.

 

මූලාශ්‍ර