Responsive image
English site
English site

දිනය: 26-08-2019 | වේලාව: පෙ.ව 08:34 | 53

අග්‍රාමාත්‍ය ලේකම්ට නොතීසි

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ හෙට (27) දිනයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.

පෙරවරු 09.00 ට එම කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස අග්‍රාමාත්‍ය ලේකම්වරයාට දැනුම්දී ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසුවේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලට අදාළව සිදුකෙරෙන විමර්ශන සදහා කරුණු විමසීමට සමන් ඒකනායක මහතා ජනාධිපති කොමිෂන් සභාවට කැදවා ඇති බව සදහන්.

අදාල ගොඩනැගිල්ල බදු ගිවිසුමක් මත කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සදහා ගෙන ඇති අතර ඊට අදාල කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් කළ බවට කොමිසම හමුවේදී අනාවරණය වී තිබේ.

ඒ අනුව අදාල කැබිනට් පත්‍රිකාවේ ඇතුලත් කරුණු හා ඊට අදාල ලිපිගොනු ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස ද අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා වෙත දැනුම්දී ඇති බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

 

මූලාශ්‍ර