Responsive image
English site
English site

දිනය: 06-11-2018 | වේලාව: පෙ.ව 07:23 | 34

අඩු පීඩන තත්ත්වය හේතුවෙන් අදත් වැසි

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය සහ අහස වලාකුලින් බර ස්වභාවය, දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල තවදුරටත් අපේක්ෂා කෙරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ උතුරු අර්ධය හරහා හමන පැ.කි.මී. 50-60 දක්වා තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකිය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය.

 සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

 

මූලාශ්‍ර