Responsive image
English site
English site

දිනය: 09-10-2018 | වේලාව: පෙ.ව 07:57 | 58

අදත් ගිගුරුම් සහිත වැසි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදෙ‍්ශයේ පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද උදෑසන සිට සවස 2 පමණ වන විට, උතුරු අක්ෂාංශ 14.3 සහ නැගෙනහිර දේශාංශ 87.5 ආසන්නව ස්ථානගතව පවතියි.

මෙම පද්ධතිය ත්‍රිකුණාමලය සිට කි.මී 950 පමණ දුරින් ස්ථානගතව පවතී  එම නිසා  දිවයිනේ පවතින වැසි තත්ත්වය අද සහ හෙට දිනයේදී   තවදුරටත් වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බස්නාහිර, දකුණු, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වල  සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර,වයඹ, මධ්‍යමසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය.

ඌව පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකි අතර දිවයින වටා මුහුදු තීරයේ ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි අතර, මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මූලාශ්‍ර