Responsive image
English site
English site

දිනය: 24-05-2019 | වේලාව: පෙ.ව 09:49 | 56

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ක තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු පළාත්වල විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර  මධ්‍යම, බස්නාහිර, සබරගමුව,දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට  අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මූලාශ්‍ර