Responsive image
English site
English site

දිනය: 31-08-2018 | වේලාව: පෙ.ව 07:30 | 36

අදත් ශ්‍රී ලංකාවට ඉහලින් හිරු මුදුන් වෙයි

උතුර, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

හම්බන්තොටසහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකිය.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින අතර  අද දින (31) දහවල් 12.10ටමුසල්කුට්ටි, තුඩරික්කුලම්, කුඩාගම, මැදියාව සහ මන්කානෛ යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

මූලාශ්‍ර