Responsive image
English site
English site

දිනය: 23-10-2018 | වේලාව: පෙ.ව 09:18 | 43

අදත් සවසට ගිගුරුම් සහිත වැසි

දිවයින අභ්‍යන්තරයේ සවස 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අතර පසුව එම වැසි වයඹ, බස්නාහිර සහ දකුණු ප්‍රදේශ කරා පැතිර යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකිය.

වයඹ, බස්නාහිර, දකුණු සහ උතුරු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලතැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.


මේ අතර වර්ෂාවත් සමග ඇති වූ අකුණු සැර වැදීමෙන් දමන, වෙහෙරගල ප්‍රදේශයේදී පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇත.

ගොවිතැන් කටයුතුවල නිරතව සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකුට අකුණු සැර වැදී ඇති බව පොලීසිය සඳහන් කරයි.

අකුණු සැර වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයින් තොට්ටම රෝහලට ඇතුළත් කිරීමේ දී එක් අයෙකු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ දමන, මහනාගපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක්.

 දමන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

මූලාශ්‍ර