Responsive image
English site
English site

දිනය: 26-09-2018 | වේලාව: පෙ.ව 07:52 | 54

අද කාලගුණයට වෙන දේ

දිවයින පුරා බොහෝ ප්‍රදේශ වල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 

කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඌව, සබරගමුව,බස්නාහිර, දකුණ, මධ්‍යමසහඋතුරු-මැදපළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇති විය හැක.

 ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන්  ඉල්ලා සිටිනු ලැබේ.

මූලාශ්‍ර