Responsive image
English site
English site

දිනය: 10-07-2019 | වේලාව: පෙ.ව 07:59 | 75

අද කොළඹ ප්‍රදේශ රැසකට ජලය අඩුපීඩනයක් යටතේ

අද (10) පෙරවරු 9.00 සිට පැය 24 ක කාලයක් හෝකන්දර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය පවසයි.

අදාළ කාලය තුල කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.

මේ අතර පෙරවරු 9.00 සිට පැය  24ක කාලයක් කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ද  අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මූලාශ්‍ර