Responsive image
English site
English site

දිනය: 01-02-2019 | වේලාව: පෙ.ව 09:01 | 59

අද සිට ජාතික ධජය ඔසවා තබන්න-රජය මහජනතාවගෙන් ඉල්ලයි

අද සිට සතියක කාලයක් ජාතික ධජය ඔසවා තබන්නැයි රජය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

71 වන ජාතික දිනය වෙනුවෙන් සියලු ම නිවෙස්වල, වෙළෙඳ ව්‍යාපාරික ස්ථානවල, රජයේ හා පෞද්ගලික කාර්යාලවල සහ රථ වාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජාතික දින උළෙල ලබන 4 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිත ය.

මූලාශ්‍ර