Responsive image
English site
English site

දිනය: 25-06-2019 | වේලාව: පෙ.ව 08:20 | 40

අධ්‍යාපන ඇමති අකිලට ජනපති කොමිසමෙන් නොතේසි


අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ට  ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ දී සිදුව ඇති බව කියන මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව ලැබී ඇති පැමිණිලි  සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහායි.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පෙළ පොත් මුද්‍රණය කිරීමේ දී සිදුවී ඇති බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ල විභාග කිරිමේ කටයුතු ඊයේ (24) දිනයේ දී   සිදුකර ඇති අතර එහිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බි.ඉලංගසිංහ මහතා සාක්ෂි ලබා දී ඇත.

එහිදී ඔහු  ප්‍රකාශ කර ඇත්තේ පෙළ පොත් මුද්‍රණය කිරීමේදී තම රුව ඇතුළත් කරන ලෙසට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පෞද්ගලිකව තමන් වෙත දැනුම් දුන් බවයි.

තමාට දිගු දේශපාලන ගමනක් යාම සදහා අවශ්‍ය ජනප්‍රියත්වය ලබාගැනීමේ අරමුණින් එවන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අදාළ ඡායාරූපය සහ ඔහුගේ අත්සනින් යුත් ලිපිය පෙළපොත්වල පලකරන ලෙස ඉල්ලා සිටි බව ඉලංගසිංහ මහතා එහිදි සදහන් කර තිබේ.

අදාළ ඡායාරූපය සහිත පිටුවක් පෙළපොතක් සදහා ඇතුළත් කිරීමට රුපියල් 4ක අතිරේක මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් පසුගිය වසර කිහිපය තුළ කෝටි 4ක පමණ පෙළපොත් මුද්‍රණය කර ඇති බවත් ඊයේ දිනයේ දී අනාවරණය වූ බවයි ජනාධිපති කොමිසම වැඩිදුරටත් සඳහන් කලේ.

එම සාක්ෂිවලට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා එළඹෙන ලබන මස 1 වන දින පෙරවරු 9.30ට ජනාධිපති කොමිසම් සභාවේ පොලිස් ඒකකයට පැමිණෙන ලෙසට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට නොතීසි නිකුත් කර තිබෙනවා.

එමෙන්ම ලබන මස 8 වන දා ජනාධිපති කොමිසම් සභාව හමුවේ සාක්ෂි ලබාදෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යවරයාට සිතාසි ද නිකුත් කර තිබෙනවා.

 

මූලාශ්‍ර