Responsive image
English site
English site

දිනය: 11-09-2019 | වේලාව: පෙ.ව 08:01 | 72

අධ්‍යාපන ඇමති අද දූෂණ වංචා සෙවිමේ කොමිසම හමුවට

 

 

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (11) රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

අමාත්‍යවරයාගේ ඡායාරූපය පාසල් පෙළපොත්වලට ඇතුලත් කිරීමේදී සිදුවූ මූල්‍ය වංචාවකට අදාළව සිදු කෙරෙන විමර්ශනයේදී කොමිසම හමුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සැපයුම් අධ්‍යක්ෂ අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතා සාක්ෂි ලබාදී තිබුණි.

ඉන් අනතුරුව ඉලංගසිංහ මහතාට එරෙහිව අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා විසින් විනය ක්‍රියාමාර්ග ගත් බව පවසමින් ඔහු ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් සිදුකළේය.

ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා අධ්‍යාපන අමාත්‍යවරයාට මෙම කැදවීම සිදුකළ බව ජනාධිපති පරීක්ෂණ කොමිසම සඳහන් කළේය.

මේ අතර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී මාර්ග සංවර්ධන අධිකාරියට සේවකයින් බදවා ගැනීමේදී සිදුවූ අක්‍රමිකතාවට අදාලව ප්‍රකාශයක් ලබාදීම සදහා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එහි අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරවීර මහතාට සිතාසි නිකුත් කර තිබේ.

 

මූලාශ්‍ර