Responsive image
English site
English site

දිනය: 02-04-2019 | වේලාව: පෙ.ව 10:11 | 66

අමෙරිකානු රැප් ගායක වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

අමෙරිකානු රැප් ගායක නිප්සෙ හස්ල් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩි වැදී තුවාල ලැබූ නිප්සෙ හස්ල් රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව ලොස් ඇන්ජලීස් ටයිමිස් වාර්තා කරයි. මිය යන විට ඔහු 33වැනි වියෙහි පසු වුණා.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන නොමැති අතර එරට ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

නිප්සෙ හස්ල්ගේ ගීත ඇල්බමයක් වන ‘Victory Lap‘ මේ වසරේ ග්‍රැමී සම්මාන උළෙලේදී හොඳම රැප් ඇල්බමය සඳහා නිර්දේශ වුණා.

 

මූලාශ්‍ර