Responsive image
English site
English site

දිනය: 10-07-2019 | වේලාව: පෙ.ව 11:35 | 104

අල සලාදයක් හදාගන්න නිවැරදි ආකාරය

අද අපි සවනෙන් කියලා දෙන්න යන්නේ අල සලාදයක් හදාගන්නේ කොහොමද කියලා.මේ සලාදේ හදන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ද්‍රව්‍ය ටික.

අවශ්‍ය ද්‍රව්‍ය,

    අල ග්‍රෑම් 250
    චීස් ග්‍රෑම් 50
    පිටි කිරි කෝප්ප 1/4
    බටර් මේස හැඳි 02
    මිංචි කොළ ස්වල්පයක්

සාදන ආකාරය

    අල තම්බා කැබලිවලට කපා ගන්න
    බඳුනක් ලිප තබා බටර් දමා රත් කර එයට කිරි, ලුණු, ගම්මිරිස් එක්කර ටික වෙලාවක් රත් කර ගන්න.
    ලිපෙන් ඉවතට ගෙන නිවාගත් මිශ්‍රණය ශීතකරණයේ තබන්න.
    ආහාරයට ගැනීමේදී අල කැබලි උඩින් කිරි මිශ්‍රණය දමා උඩින් මිංචි කොළ ඉසින්න.

උපුටා ගැනීමකි

 

මූලාශ්‍ර