Responsive image
English site
English site

දිනය: 13-04-2019 | වේලාව: පෙ.ව 08:02 | 44

අවුරුද්දට බන්ධනාගාර රැඳවියන් හමුවීමට ඥාතීන්ට ලබා දෙන කාලය දීර්ඝ කරයි

 

සිංහල හා දෙ‍මළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් හමුවීමට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අද සිට දින 05 ක කාලයක් ලබා දී තිබේ.

මීට පෙර අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් හමුවීමට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදී තිබුණේ අවුරුදු දිනය සහ තවත් එක් දිනයක් පමණක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේය.

 කෙසේවෙතත් ප්‍රවාහන දුෂ්කරතා ඇතුළු ගැටළු සැලකිල්ලට ගනිමින් එම කාලය දීර්ඝ කළ බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

 

මූලාශ්‍ර