Responsive image
English site
English site

දිනය: 11-06-2019 | වේලාව: ප.ව 03:31 | 19

අවුරුද්දට වැඩ අල්ලලා-ගනුදෙනු කරලා-අනුභව කරපු නැකත තමයි මේ රට විනාශ කළේ

2019 වසරේ අලුත් අවුරුද්ද සඳහා සාදන ලද නැකැත් හේතුවෙන් රටට හා ජනතාවට විනාශයක් සිදුවු බව ප්‍රවීණ ජ්‍යෙතිර්වේදි සුරාශ්‍රී ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ(10) දිනයේ දී ගාල්ලේ, අක්මීමන ප්‍රදේශයේ ඒ මහතාගේ නිවසේ පැවති ජ්‍යෙතිෂ හඬ සුරැකීමේ සංවිධානයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මෙම අදහස් පළ කළේය.

2019 අප්‍රේල් 14 පස්වරු 3.54 ට වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, අනුභව කිරීම සඳහා සකස් කල නැකත රට විනාශ කළ බවට ද ගුණවර්ධන මහතා පවසයි.

රටේ ජනතාවගේ මානසිකත්වය ඒකාග්‍රතාවයකට පත් කර ගෙන රටේ නායකයා විසින් මෙම නැකත හොඳ අනාගතයක් ලබා දෙනවා යන චින්තනයෙන් යුතුව සිදු කල බවත් පැවසු ඒ මහතා, රටට අවැඩක් සිදු කරමින් සකසා ඇති මෙම නැකත් කුමන්ත්‍රණයකට හසුවු බව ද කියා සිටියේය.

එයට රැවටී තමාගේ වචනය ගැන විශ්වාසයක් නොමැතිව ජනාධිපතිවරයා අදාළ නැකත අනුව ආහාර අනුභව කල බවත්, පැවසු ඒ මහතා නොදැනුවත්ම එයින් රටට අවැඩක් සිදුව ඇතැයි ද පැවසීය.

රාජ්‍ය නැකැත් කමිටුව මෙවැනි නැකතක් සාදා බලවත් වැරැද්දක් කර ඇති බවද පැවසු ගුණවර්ධන මහතා, ඔවුන්ට ඒ සඳහා යම් පරිත්‍යාගයක් හිමිවන බවත්, එය සංස්කෘතික අරමුදලින් ලබා ගෙන ඇති බවත් ඔවුන් දැන දැන එම වැරැද්ද සිදු කල බවත් පැවසීය.

2020 දක්වා මෙය පැවැත් වීම ගැන තමා විරෝධය දක්වන බවත්, මෙම නැකැත් තුළින් ජනතාව අපහසුතාවයට ලක් කරන බවත්, මෙවැනි හොර නැකැත් මඟින් රටට අයහපතක් සිදු වන බව ද කියා සිටියේය.

මෙම නැකත චොර නැකතින් සාදා ඇති බවත් එයින් අනුභව කිරිම තුළින් අනර්තයටම යන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

එම නැකත තුළින් චන්ද්‍රයාගේ බලය පවා අහිමි කර ඇති බවත් ඒ අනුව මෙම නැකත හේතුවෙන් රටට විශාල වශයෙන් විනාශයට යන බව ද පැවසීය.

 

 

මූලාශ්‍ර