Responsive image
English site
English site

දිනය: 09-05-2018 | වේලාව: පෙ.ව 10:50 | 254

අවුරුදු 15ක් තිස්සේ කපුටන්ගේ කුසගිනි නිවන අපුරු මිනිසා

අපි අද සවනෙන් යන්නේ දකුණු පළාතේ තංගල්ල කියන නගරය පැත්තට. කොපමණ කෑවත් කුසගින්න නිවී නොයන කපුටු කතාවක සුලමුල හොයාගෙන.

ඉර එළිය යන්තම් වැටෙද්දී තංගලු වෙල්යාය පැත්තට හරි අපූරැ දර්ශණයක් 199 කණු ව කිට්ටු වෙද්දී පාරේ ගමන් කරන ඕනෙම කෙනෙක්ට බලාගන්න පුළුවන්. පාර දෙපැත්තේ ගස් වලට වෙලා හරිම නො ඉවසිල්ලෙන් කපුටෝ දහස් ගණනක් එක රොත්තට බලන් ඉන්නවා දැක්කොත් ඔබත් පුදුම වේවි.

ඒ අය එහෙම බලන් ඉන්නත් එක හේතුවක් තියෙනවා.ඒ කතාවට අපි මෙහෙම මුල පුරමු.

ඔහු නමින් අජිත් ජයන්ත රාජපක්ෂ.අවුරුදු 15ක් තිස්සේ නොකඩවා කපුටු කුසගින්න නිවන්න ආහාර කපුටන්ට ලබා දෙන හිතහොද මහත්මයෙක්. ඔහු පදිංචි වෙලා ඉන්නේ රන්න අඩි 100 ගම්මානයේ. තංගල්ල නගරයේ දීර්ඝ කාලයක සිට පැවති රාජපක්ෂ බේකර්ස් නම් ආහාර අලෙවිසල පවත්වාගෙන යන්නේ මොහු විසින්.

සෑම දිනකම අජිත් මහතා තම නිවසින් පිටත් වෙන්නේ උදෑසන 6.00 ට පමණ. ඒ තංගල්ල නගරයේ පිහිටි ඔහුගේ අලෙවිසැල වෙත පිටත්වීමේ අරමුණෙන්. ඒත් ඔහු දිනපතා පැමිණෙන්නේ හිස් අතින් නොවේ. තමන්ගේ අලෙවිසැලේ අලෙවි කිරීම සදහා රැගෙන එන කෙටි ආහාර ද සමග අජිත් රැගෙන එන්නේ කැබලි කරන ලද පිටි සහිත ආහාරයි. ඒ ඔහු සමග හිතවත් වූ කපුටු යහළුවන්ගේ උදෑසන ආහාර වේල ලබා දීමටයි.

තමන්ගේ ආහාර වේල රැගෙන තම යහළුවා පැමිණෙන තුරු මග බලමින් සිටින කපුටන් දහස් ගණනක් තංගලු වෙල්යාය අසල ගස් මත සිටිනු තංගල්ල - කතරගම ප්‍රධාන මාර්ගයේ ගමන්ගන්නා ඕනෑම අයෙකුට උදෑසන 6.30 ට පමණ දැකගත හැකියි.

අජිත් මහතාගේ කුඩා ලොරි රථය පැමිණෙනු දුටු කපුටන් එය දුර සිටම හදුනාගන්නේ කෙසේදැයි සිතාගත නොහැකි දෙයක්. නමුත් දිනපතා මෙය සිදු වන්නක්. ලොරි රථය තංගලු වෙල්යාය අසල මාර්ගයට ඇතුලු වනවාත් සමගම ගස් මත සිටින කපුටන් සියල්ලම ලොරි රථය පසුපස හඹා ඒමට පටන් ගන්නවා. කිලෝමීටර 199 කණුව අසලදී කපුටන්ට තමන්ගේ උදෑසන ආහාර වේල හිමිවෙනවා.

ඔහුත් සමග කතා කරද්දී ඔහු අපිට මෙහෙම දෙයකුත් කිව්වා. "තෙල් තියෙන කෑම වලට කපුටො ගොඩක් කැමතියි.ඒ නිසා මන් බනිස් වලට අමතරව තෙලෙන් බැදපු කෑමත් මෙයාලට දෙනවා.කටින් කතා කරලා ඉල්ලන්නත් බැහැනේ".මෙයාලගේ හැසිරීම මට දැන් හොදටම පුරුදුයි.ඒ නිසා එයාලා කැමති වර්ග වලින් මම කොහොම හරි ගේනවා. මං එනකන් බලාගෙන ඉද්දි මට හිස් අතින් එන්නත් බැහැනේ.මෙයාලගේ කෑම දීලා ඉවරවෙලා තමයි මම මගේ කඩේට යන්නේ.

 

"මට ඉන්නවා දුවලා දෙන්නෙකුයි පුතෙකුයි. ලොකු දුව නම් විවාහ වෙලා ඉන්නේ. මගේ නෝනත් ගෙදර කඩයක් කරනවා. මම තංගල්ල නගරයේ කඩයක් කරනවා. මම මේ විදිහට කපුටන්ට කන්න දෙන්න පටන් ගෙන දැනට අවුරුදු 15ක් විතර වෙනවා. මුලින්ම කෑම දෙන්න පටන් ගත්තේ මගේ දරුවන්ගේ අපලයක් දුරු වෙන්න කපුටන්ට දානයක් දෙන්න කියපු නිසා. එදා ඉදලම මම කපුටන්ට කෑම දෙන එක නතර කලේ නැහැ. මම එනකම්ම තංගලු වෙල්යායේ ගස් වලට වෙලා බලන් ඉන්නවා ඉන්නවා ඒ අය.

හැමදාම මම කෑම වර්ග තිහක් හතලිහක් විතර කපනවා කපුටන්ට දෙන්න. මාළු පාන්, ජෑම්පාස්, කිඹුලා බනිස්, ටී බනිස් වගේ කෑම ගොඩක් දවස් වලට කපන්නේ. පෝය දවස් වලටයි ඉරිදටයි මම එන්නේ නැහැ. ඒ දවස් වලට උදේ 9.00 විතර වෙනකල් බලන් ඉදලා එයාලා යනවා කෑම හොයන්න. මේ අය දැන් මට හොදට හුරුයි.මගේ ලගම ඇවිත් වහනවා.

 

මේ දේ නතර කරන්න මගේ කිසිම අදහසක් නැහැ. මට පුළුවන් කාලයක් පුළුවන් උපරිමයෙන්ම මම කපුටන්ට කන්න දෙනවා. මගේ කෑම කඩේ ඉස්සරහ ඉන්න බල්ලෝන්ටත් මම කන්න දෙනවා.එයාලත් ඒකට දැන් හුරුවෙලා.කාටවත් කරදරයක් නැතුව ඇවිත් පැත්තකට වෙලා වාඩිවෙලා ඉන්නවා. මේක මට සතුටක්. අහිංසක සතෙක්ගේ බඩගින්න නිවනවා කියන්නේ ලොකු පුන්‍යකර්මයක්.

 

මූලාශ්‍ර