Responsive image
English site
English site

දිනය: 11-06-2019 | වේලාව: ප.ව 03:13 | 74

අසාද් සාලි විශේෂ කාරක සභාව හමුවට

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණ තිබේ.

අද (11) දිනයේ දී ප්‍රධාන සාක්ෂිකරුවන් තිදෙනෙක් සහභාගී වන අතර එයින් පළමු වැනි සාක්ෂිකරු වන්නේ අසාද් සාලි මහතාය.

කෙසේ වෙතත් අද දිනයේ දී මෙම විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සහභාගී නොවන බව දන්වා තිබේ.

එමෙන්ම සුමන්තිරන් මහතා හා රවී කරුණානායක මහතාද ටික වේලාවක් ප්‍රමාද වී පැමිණෙන බව ද වාර්තා වෙයි.

මූලාශ්‍ර