Responsive image
English site
English site

දිනය: 11-06-2019 | වේලාව: පෙ.ව 10:31 | 79

අසාද් සාලී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අද කැඳවයි

පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බස්නාහිර පලාත් ආණ්ඩුකාර අසාද් සාලී මහතා අද (11) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

අප්‍රේල් 21 වන දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද යළි රැස්වීමට නියමිතව තිබේ.

පස්වරු 2.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කාරක සභාව රැස්වීමට නියමිත බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය.

ඒ අනුව අද දිනයේ කාරක සභාව හමුවේ සාක්ෂිදීමට පාර්ශව කිහිපයක් කැදවා තිබුණි.

කාත්තණ්කුඩි මුස්ලිම් පල්ලි සම්මේලනයේ සභාපතිවරයා, සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ නියෝජිතයෙකු අද දිනයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට කැඳවා ඇති බව වාර්තා වෙයි.

මේ අතර අදාළ කාරක සභාවේ කටයුතු කිසිදු බලපෑමකින් තොරව අඛණ්ඩව කරගෙන යාමට අවකාශ සලසා දෙන ලෙස සිවිල් සංවිධාන කිහිපයක් කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලිමක් කර තිබේ.

ඊයේ පස්වරුවේ ප්‍රධාන පෙලේ සිවිල් සංවිධාන ප්‍රධානීන් පිරිසක් කථානායක නිල නිවසේ දී කතානායක කරු ජයසූරිය මහතා හමුවි අදාළ ඉල්ලීම් සිදුකර ඇති බව කථානායක කාර්යාලය සඳහන් කළේය.

තේරීම් කාරක සභාව පිළිබදව මේ දක්වා විවිධ පාර්ශව පල කර ඇති අදහස් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී සැලකිල්ලට ගැනීමට අපේක්ෂා කරන බව කතානායක කරු ජයසූරිය මහතා එහිදි ප්‍රකාශ කර තිබේ.

සිවිල් සමාජ නියෝජිතයින්ගේ මතය ද පක්ෂ නායක රැස්විමට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව කථානායකවරයා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ පැවසීය.

 

මූලාශ්‍ර