Responsive image
English site
English site

දිනය: 02-11-2018 | වේලාව: ප.ව 01:50 | 38

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගන්න CIDයට නියෝගයක්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා ලබන මස 09 වනදා හෝ ඊට පෙර අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට  අද (02) නියෝග කළා.

ඒ තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමට අදාළ නඩුවේ සැකකරුවෙකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චිට සැඟව සිටීමට ආධාර අනුබල දුන් චෝදනාව මතයි.

මීට පෙර අවස්ථා 3 කදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහිව අධිකරණය නියෝග නිකුත් කර ඇතත්, ඒවා නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරයා දැඩිව දෝෂාරෝපණය කල බව ද වාර්තා වේ.

මූලාශ්‍ර