Responsive image
English site
English site

දිනය: 26-09-2018 | වේලාව: පෙ.ව 11:24 | 68

ආසියානු කුසලානයේ තීරණාත්මක තරඟයක් අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තීරණාත්මක අවසන් තරඟය අද පැවැත්වේ.

පාකිස්ථාන සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර එම තරඟය පැවැත්වීමට නියමිත අතර තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමඟ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබනු ඇත.

මෙවර තරඟාවලියේදී පාකිස්ථාන සහ බංග්ලාදේශ කණ්ඩායම් එකිනෙකා හමුවන පළමු අවස්ථාව මෙය වේ.

සුපිරි සිව්දෙනාගේ තරඟ වටයේදී කණ්ඩායම් දෙකම සහභාගී වූ තරඟ දෙකෙන් එක් තරඟය බැඟින් ජයගෙන ඇති අතර කණ්ඩායම් දෙකම ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්ව තිබේ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ලබන 28 වනදා ඩුබායි ජාත්යතන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය

මූලාශ්‍ර