Responsive image
English site
English site

දිනය: 19-12-2018 | වේලාව: පෙ.ව 09:49 | 100

ආසියාවේ කළු සිංහයා යළි දිවයිට

10 වන ලෝක කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ,එම ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

මෙම තරගාවලිය 12/14 සිට 12/16 දින දක්වා තායිලන්තයේ "චියන්මායි " හී දී රටවල් 52 ක ලෝකයේ මුල් පෙළේ ක්‍රීඩකයන් 600 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වා තිබුණි.

එහිදී එම සියලු ක්‍රීඩකයන් පරාජයට පත් කරමින් කිලෝ ග්‍රෑම් 100 ට වැඩි බර පංතිය යටතේ තරග වැදුන " ආසියාවේ කළු සිංහයා " යන විරුදාවලිය ලත් ලූෂන් පුෂ්පරාජ් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි කරගෙන තිබුණි.

එය ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු සිදු කළ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඔහු ලද කුසලාන සහ රන් පදක්කම් රැගෙන ඊයේ (18) දින රාත්‍රී 10.50 ට තායිලන්තයේ බැංකොක් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 407 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඔහු පිළිගැනීමට පුෂ්පරාජ් මහතාගේ ආදරණීය බිරිඳ , දරුවා , මව්පියන් , නෑදෑ හිතවතුන් , ශ්‍රී ලංකාවේ කායවර්ධන ක්‍රීඩකයන් , ශ්‍රී ලංකා කායවර්ධන ක්‍රිඩා සම්මේලන වල නිලධාරීන් මෙන්ම , ශ්‍රී ලංකාවේ ලෝක මෝටර් රථ ශූර ඩිලන්ත මාලගමුව මහතා ද කටුනායක ගුවන් තොටුපළ " සිල්ක් රූට් " විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය.

 

මූලාශ්‍ර