Responsive image
English site
English site

දිනය: 07-11-2018 | වේලාව: පෙ.ව 11:50 | 46

ඇමති සිහිනයට මනෝ ගනේෂන් පිටුපායි

අද (07) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දෙමළ ප්‍රගතිශීලි පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම හමුවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, පලනි දිගම්බරන්, රාධා ක්‍රිෂ්ණන්, වේලු කුමාර්, මයිල්වාහනම් තිලකරාජ් හා අරවින්ද කුමාර් යන මන්ත්‍රීවරු එක්ව සිටියේය.

ජනාධිපතිවරයා විසින් කළ ඉල්ලීමක් අනුව ඔවුන් අද උදෑසන මෙලෙස පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේය.

එහිදී ඉතා සුහද ලෙස සාකච්ඡාව පැවැත් වු බවත්, ආණ්ඩුවට එක්ව අමාත්‍යධූර බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා පැවසු බවත් කියා සිටි මනෝ ගනේෂන් මහතා, ආරාධනයට ස්තූති කර එය කිසි සේත් පිළිනොගන්නා බව කියා සිටි බව ද පැවසීය.

2015 ජනාධිපතිවරයේ දී ජනපති සටනට තමා ඇතුළු මෙම මන්ත්‍රීවරු විශාල දායකත්වයක් ලබා දුන් බවත්, උතුරු නැගෙනහිර පවා දෙමළ ජනතාව අතර විශ්වාසය ඇති කිරීමට කටයුතු කළ බවත් පැවසු ගනේෂන් මහතා, කිසිවිටෙකත් තමා අමාත්‍යධූරයක් බාර නොගන්නා බව ද මෙහිදී කියා සිටියේය.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ තමාට ජනාධිපති ලෙස කටයුතු කිරීමට අපහසු බව ජනාධිපති පැවසු බවත්, එය එතුමාගේ ස්ථාවරය නිසා ගැටළුවක් නොමැති අතර, තමන්ට සහය ලබා දීම අසීරු බව නැවතත් ප්‍රකාශ කළ බවද මනෝ ගනේෂණ් මහතා පැවසීය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව නොවැම්බර් මස 14 වන දින ආරම්භ වූ විට රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දෙන බවත්, කථානායක වරයා පවසන ආකාරයට ඔක්තෝබර් 26 වන දිනට පෙර පැවති තත්ත්වය තමාද අදටත් පිළිගන්නා බව කියා සිටියේය.

ඉතාම ප්‍රගතිශීලි පක්ෂයක් වශයෙන් තම පක්ෂය “අපි පත්කරපු ජනාධිපතිට අපේ ස්ථාවරය කිව්වා“ යනුවෙන් මනෝ ගනේෂන් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඉදිරියේ දීත් මෙම තීරණයේ කිසිදු වෙනසක් නොවන බවත්, පාර්ලිමේන්තුව තුළ 120 ක බහුතරයක් එක්සත් ජාතික පෙරමුණ සතුව පවතින බව ද ඔහු කියා සිටියේය.

 

මූලාශ්‍ර