Responsive image
English site
English site

දිනය: 11-02-2019 | වේලාව: ප.ව 03:40 | 17

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව රත් වෙයි

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට සභාපතිවරයා විසින් වාරණයක් පැනවීම හේතුවෙන් සභාව පැවැත්වීමට නොහැකිව මන්ත්‍රීවරුන්ගේ විරෝධය මත සභාව පැවැත්වීම ප්‍රමාද වූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි සභාපති වරයාත් සමඟ මන්ත්‍රීවරුන් 18ක්, එක්සත් ජාතික පක්ෂ්‍යට මන්ත්‍රීධූර හයක්  ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රීධූර තුනක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රීධූර දෙකක් ලෙස මන්ත්‍රීධුර 29කින් සමන්විතය.

මෙම සභාවාරය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හැරෙන්නට අනෙකුත් මන්ත්‍රීවරුන් සියලු දෙනා මාසික සභාවාරයට සහභාගී වී සිටින ලදී.

සභාපති එම්.කේ.අමිල් මහතාගෙන් මාධයවේදීන් සභාව වාර්තා කිරීමට අවසර දෙනන ලෙසත් තමන් සඳහා මන්ත්‍රීවරුන් විසින් ආරාධනා කර ඇති බවත් පැවසුවද සභාපතිවරයා විසින් සභාව ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ට අවසර ලබා නොදෙන ලදී.

සභාවේ උප සභාපති සුරන්ත වීරසිංහ මහතා ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරුන් මාධ්‍යවේදීන්ට පැමිණීමට අවසර ලබා නොදෙන්නේ නම් සභාව පැවැත්වීමට තමන් ඉඩ ලබා නොදී කටයුතු කරන බවත් පැවසීමත් සමඟ බහුතරයක් මන්ත්‍රීවරුන් මාධ්‍යවේදීන් සභාවට කැදවීම කළයුතු බව සභාපතිවරයාට බල කරන තත්වයට උදා වී ඇති බව වාර්තා වෙයි

පසුව උප සභාපති සුරන්ත වීරසිංහ මහතා සහ වාසනා වික්‍රමගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරුන් පැමිණ මාධ්‍යවේදීන් සභා ගැබට කැදවා ගෙන යන ලදී.

මාධ්‍යවේදීන් පැමිණීමත් සමඟ සභාපති එම්.කේ අමිල් මහතා සභාව මද වෙලාවකට කල්තබනවාත් සමඟ සභාවේ දැඩි උණුසුම් තත්වයක් ඇති විය.

මන්ත්‍රීවරුන් විසින් පෙර සභා වාර්තාව නිවැරදිව සකස් නොකරන ලද එකක් බවත් එය වැරදි සහගත එකක් බවත් කියමින් සභා වාර්තාව සභාව මධ්‍යයේ ඉරා දමන ලදී.

පසුව මන්ත්‍රීවරුන්ගේ විරෝධය හමුවේ මාධ්‍යවේදීන්ට සභාව ආවරණය කිරීමට අවස්ථාව ලබා දෙන ලදී.

සභාපති එම්.කේ.අමිල් මහතා කියා සිටයේ පොලිස් නිලධාරීන් විසින් මාධ්‍යවේදීන්ට සභාව වාර්තා කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලීම හේතුවෙන් මාධ්‍යවේදීන්ට අවසර ලබාදුන් බවයි.

මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ සමන්ත විපක්ෂනායකවරයා කියා සිටියේ සභාපති වරයා මේ සභාව හෑල්ලුවට පත් කරන බවයි.

මාධයවේදීන්ට හෝ මන්ත්‍රීවරුන්ට මේ සභාවට සහභාගී වීමට පොලිස් නිළධාරීන්ගේ ඕනෑ එපාකම් මත සිදු නොවිය යුතු බවත් එම තීරණ සභාපතිවරයා විසින් ගත් යුතු බවයි.

කෙසේ උවද සභාවේ සිටි බහුතරයක් මන්ත්‍රීවරුන් සභාපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි විවේචනය එල්ලකර අතර සභාපතිවරයා අසලට ගොස් සභා වාර්තාව බිමට විසිකරන ලදී.

පසුව සභාපතිවරයා විසින් මෙම සභා වාර්තාවේ අඩුපාඩු පිළිගත් අතර එය නිවැරදි කරන බවට පොරොන්දු විය.

මූලාශ්‍ර