Responsive image
English site
English site

දිනය: 16-09-2019 | වේලාව: පෙ.ව 07:25 | 64

ඇඹුල්ගම වෙඩි ප්‍රහාරයෙන් අයෙක් මරුට

 

හංවැල්ල පොලිස් වසමේ පරණ පාර ඇඹුල්ගම හන්දියේ සිදු වු වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයෙකු නවගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.

අනෙක් තුවාලකරු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 23ක් වු ජල්තර, රණාල ලිපිනයේ පදිංචි අයෙකි.

තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 26ක් වු එම ප්‍රදේශයේම පදිංචි අයෙකි.

හංවැල්ල පොලීසිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

මූලාශ්‍ර