Responsive image
English site
English site

දිනය: 08-03-2019 | වේලාව: ප.ව 01:21 | 30

ඇෆ්ගනිස්ථාන-අයර්ලන්ත සිව්වන එක්දින තරගය අද

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර සිව්වන එක්දින ක්‍රිකට් තරගය අද (08) පැවැත්වීමට නියමිතව ඇත.

තරගය ඉන්දියාවේ දෙහෙරා ඩන් හිදි ආරම්භ වීමට නියමිතය.

එක්දින ක්‍රිකට් තරගාවලියේ පැවති තරග 03 න් එකට එකක් ලෙස කණ්ඩායම් දෙකම ජයග්‍රහණය කර ඇත.

දෙරට අතර පැවති දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් නතර කිරීමට පියවර ගෙන තිබුණි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ආස්ගර් ඇෆ්ගන් විසින් මෙහෙයවන අතර අයර්ලන්ත කණ්ඩායමේ නායකත්වය විලියම් පෝටර්ෆීල්ඩ් විසින් දරනු ලබයි.

 

මූලාශ්‍ර