Responsive image
English site
English site

දිනය: 24-05-2019 | වේලාව: පෙ.ව 11:36 | 41

ඉදිරියේදී ලංකාවට ගෙනෙන්නේ ප්‍රමිතියක් සහිත බස් රථ පමණයි

ප්‍රමිතියක් සහිත බස් රථ පමණක් ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා අලුත් නීතියක් හඳුන්වා දෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විමසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මේ වනවිට ලංගම බස් රථ 3000ක අඩුවක් පවතින බවද අමාත්‍යවරයා පැවසීය. ඉදිරි මාස තුන ඇතුළත, තත්ත්වයෙන් උසස් බස් රථ 2000ක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මූලාශ්‍ර