Responsive image
English site
English site

දිනය: 30-10-2018 | වේලාව: ප.ව 02:04 | 37

ඉන්දියාවට තවත් ජයක්


සංචාරක  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති සිව්වන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 224කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 377ක් ලබාගත්තේය.

 එම ඉනිම වෙනුවෙන් රෝහිත් ශර්මා ලකුණු 162ක් සහ අම්බති රයිදු ලකුණු 100ක් ලබාගැනීමට සමත් වුණි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමට පන්දුවාර 36යි පන්දු 02ක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 153ක් පමණයි.

නායක ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 50යි.

පන්දු යැවීමේ දී කුල්දීප් යාදව් සහ කලීල් අහමඩ් කඩුලු තුන බැගින් බිද හෙළීමට සමත් වුණි.

ඒ අනුව තරග පහකින් යුත් එක්දින තරගාවලිය දෙකට එකක් ලෙස ඉන්දියාව පෙරමුණේ පසුවෙයි.

 

මූලාශ්‍ර