Responsive image
English site
English site

දිනය: 22-11-2018 | වේලාව: පෙ.ව 06:57 | 46

ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

අද ඉල් පුර පසලොස්වක පොහොය දිනයයි.
ගෝතම සාසනයේ වැදගත් සිදුවීම් ගණනාවක් ඉල් පුර පසලොස්වක පොහොය දිනයේ සිදුවී තිබේ.

බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රහතන් වහන්සේ සැට නමක්, ලෝ සතුන්ගේ හිත සුව පිණිස, ධර්ම ප්‍රචාරයේ යෙදුනේ අද වැනි ඉල් පුර පසලොස්වක පොහෝ දිනයකදීය.

මෛත්‍රී බෝධි සත්ත්වයන් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම ද අද වැනි පොහෝ දිනක සිදු වු අසිරිමත් සිද්ධියකි.

උරුවෙල් දනව්වේදී බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයින් ඇතුළු පිරිසට ධර්මය දේශනා කළේ ද ඉල් පුර පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.

වප් පොහෝ දින පෙරවස් පවාරණය කළ උපසපන් භික්ෂූන්ට කඨින චීවර පූජා කිරීමේ චීවර මාසය නිමාවන්නේද ඉල් පුර පසළොස්වක පොහෝ දිනයෙනි.

මූලාශ්‍ර