Responsive image
English site
English site

දිනය: 06-06-2019 | වේලාව: ප.ව 03:41 | 39

උගන්ඩාවේ නාය යෑමකින් 6දෙනෙක් ජිවිතක්ෂයට

 

උගන්ඩාවේ සිදු වූ නායයාමකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

එරට නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි බුඩුඩා දිස්ත්‍රික්කයේ සිදු වූ මෙම නායයාමෙන් තවත් පුද්ගලයින් පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නිවාස රැසක් නායයාමට හසුවීම හේතුවෙන් පුද්ගලයින් සිය ගණනක පිරිසක් අවතැන්ව සිටින බව සඳහන්ය.

 

මූලාශ්‍ර