Responsive image
English site
English site

දිනය: 10-07-2019 | වේලාව: පෙ.ව 10:55 | 25

උ/පෙළ විභාගය ලබන මස 05 වැනිදා ඇරඹේ

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 05 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යස්ථාන 2678 කදී විභාගය ලබන මස 31 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

මෙවර විභාගය සදහා පෙනී සිටින සමස්ත අයඳුම්කරුවන් සංඛ්‍යාව 337, 704කි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පුජිත සඳහන් කළේ, ඒ අතුරින් පැරණි නිර්දේශය යටතේ අයදුම්කරුවන් 139 ,475 දෙනෙකු විභාගයට පෙනී සිටින බවයි.

නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව 198 , 229කි.

අපේක්ෂකයින්ට විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඉදිරි සති දෙක ඇතුළත සිදු කරන බව ද ඔහු පැවසී ය.

මූලාශ්‍ර