Responsive image
English site
English site

දිනය: 31-10-2018 | වේලාව: ප.ව 03:22 | 46

එංගලන්තය හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අදත් තරග බිමට

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර දෙදින පුහුණු තරගයේ දෙවන දිනය අදයි.

කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ පන්දුවට පහරදෙන එංගලන්ත කණ්ඩායම මීට ටික වේලාවකට පෙර කිසිදු කඩුල්ලක් නොදැවි ලකුණු 36 ක් ලබා සිටියේ.

නොදැවී පන්දුවට පහරදෙන රොරී බර්න්ස් ලකුණු 23 ක් ද කීටන් ජෙනින්ග්ස් ලකුණු 13 ක් ද ලබා සිටියි.

තරගයේ ප්‍රථමයෙන්  පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා සභාපතිගේ කණ්ඩායම කඩුලු 09 කට ලකුණු 392 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවේය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම කඩුලු 10 ක් අතැතිව ලකුණු 356 ක් පිටුපසින් සිටියි.

 

මූලාශ්‍ර