Responsive image
English site
English site

දිනය: 27-09-2018 | වේලාව: ප.ව 12:47 | 58

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල ලංකාව සමඟ ගිවිසුමකට

 

ශී‍්‍ර ලංකාවේ සමාජ සංවර්ධනයට ඝෘජුව බලපාන ක්ෂේත‍්‍රවල සීග‍්‍ර සංවර්ධනය උදෙසා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සමඟ නව ගිවිසුමකට අත්සන් තැබීම නිව්යෝර්ක් නුවර දී සිදු විය. 

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඇමෙරිකා සංචාරයට සමගාමීව ඊයේ(26) පස්වරුවේ නව ගිවිසුමකට අත්සන් තබා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව සමාජ ප‍්‍රගමනය සඳහා වූ අරමුදලක් පිහිටුවීම සහ සමාජ ව්‍යවසායකත්ව අරමුදලක් පිහිටුවීමට අදාළ ව මෙම ගිවිසුම්වලට අත්සන් තැබිණි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ශ‍්‍රී ලංකා ව්‍යාපෘති සඳහා පුද්ගලික අංශය ද සහභාගි කරවා ගැනීම මේ තුළින් අපේක්ෂා කරයි.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ සහභාගිත්වයෙන් ගිවිසුම්වලට අත්සන් තැබීම සිදු විය.

එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සත්‍යා රුද්‍රිගෝ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ. 

 

මූලාශ්‍ර