Responsive image
English site
English site

දිනය: 16-10-2018 | වේලාව: පෙ.ව 10:52 | 49

එමිල් රංජන් යළි රිමාන්ඩ්

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළදී සිරකරුවන් 27 දෙනෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින  බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රන්ජන් ළමාහේවා තවදුරටත් ලබන 30 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එම නඩුව අද (16) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

රහස් පොලීසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

මෙම පරීක්ෂණයට අදාළ රස පරීක්ෂක වාර්තා මෙතෙක් ලැබී නොමැති හෙයින් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බවට පත් කරන මෙන්ද රහස් පොලීසිය ඉල්ලීම් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර එමිල් රන්ජන් ළමාහේවා  ලබන 30  වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් රහස් පොලීසියට නියම කළා මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මේවනවිට අභියාචනාධිකරණය නියෝග පරිදි ඇප මත මුදා හැර තිබේ.

මූලාශ්‍ර