Responsive image
English site
English site

දිනය: 16-04-2019 | වේලාව: පෙ.ව 07:18 | 85

ඓතිහාසික Notre Dame දේවස්ථානයේ ගින්නක්

ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි  Notre Dame  දේවස්ථානයේ  ඊයේ පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගින්නෙන් දේවස්ථානයේ වහල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බවයි .
ලෝක උරුමයක් වන Notre Dame  දේවස්ථානය ඉදිකෙරුණේ 12 වැනි ශත වර්ෂයේදීයි.
ගින්න නිවීමට ගිනිනිවීමේ භටයන් 400ක් යොදවා තිබු අතර එක් අයෙකුට ගින්නෙන්  බරපතළ තුවාල සිදු වී  ඇති බවද  සදහන් වේ.
කෙසේවෙතත් Notre Dame දේවස්ථානයේ ගින්න හටගැනීමට හේතුව මෙතෙක් හෙළිව නොමැත.

මූලාශ්‍ර