Responsive image
English site
English site

දිනය: 14-06-2019 | වේලාව: ප.ව 01:15 | 123

ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට පැනවූ සංචාරක සීමා ලිහිල් කරයි

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට පනවා තිබූ සීමා ලිහිල් කිරීමට  ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන ඇත.
පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් එරට රජය විසින් අවවාදාත්මක උපදෙස් මාලාවක් නිකුත් කර තිබුණි.
කෙසේවෙතත් ඊයේ (13) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම උපදෙස් මාලාවන් සංශෝධනය කර සංචාරක සීමාවන් ලිහිල් කිරීමට ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ  සංචාරක සීමා ලිහිල් කලද යාවත්කාලීන වන  තොරතුරු පිලිබදව සැලකිලිමත් වීම වැදගත් බවයි.
පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාර මාලාවත් සමඟ රටවල් රැසක් විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම මේ වන විට ලිහිල් කිරීමට පියවර ගෙන ඇත.

මූලාශ්‍ර