Responsive image
English site
English site

දිනය: 19-10-2018 | වේලාව: ප.ව 03:40 | 24

ඕස්ට්‍රේලියා-පාකිස්ථාන ටෙස් තරගයේ සිව් වන දිනය අද

පාකිස්ථානය සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදි සිව් වන දිනය අදයි.

තරඟය ජයග්‍රහණය සදහා ලකුණු 538ක දැවැන්ත ඉලක්කයක්  හඹා යන ඔස්ට්‍රේලියානු කණ්ඩායම මීට ටික වේලාවකට පෙර කඩුලු 02ක් දැවී ලකුණු 71ක් ලබා සිටියේය.

නොදැවී පන්දුවට පහර දෙන ආරොන් ෆින්ච් ලකුණු 29ක් ලබා සිටියි.

පාකිස්ථානය පළමු ඉනිම සදහා ලකුණු 282ක් සහ දෙවන ඉනිමේදී කඩුලු 09කට ලකුණු 400ක් ලබා ගත්තේය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබා ගත්තේ ලකුණු 145ක් පමණයි.

ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට තරගය ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 467ක් අවශ්‍ය වන අතර ඒ සඳහා ඔවුන්ට කඩුලු 08ක් ඉතිරිව ඇත.

 

මූලාශ්‍ර