Responsive image
English site
English site

දිනය: 29-01-2019 | වේලාව: පෙ.ව 07:29 | 62

කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ අද ජනපති ප්‍රධානත්වයෙන්

 

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කළ කලා ශිල්පි ශිල්පිනියන් ඇගැයිමට ලක් කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (29) පස්වරුවේ  පැවැත්වීමට නියමිතව ඇත.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන මෙම සම්මාන උලෙළ මෙවර පැවැත්වෙන්නේ 34 වන වරට වන අතර, සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි සිංහල, දෙමළ, මුස්ලිම් කලාකරුවන් දෙසිය දෙනෙක් මෙහි දී උපහාර ලබති.

ජනශ්‍රැති, නර්තන, රූපවාහිනී, සාහිත්‍ය, දෘශ්‍ය කලා, නාට්‍ය, ඡායාරූප, සංගීත, ගුවන්විදුලි යන ක්ෂේත්‍ර යටතේ මෙකී සම්මාන පිරිනැමීම සිදු කෙරේ.

ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ රැසක් මීට එක්වීමට නියමිතව ඇත.

 

මූලාශ්‍ර