Responsive image
English site
English site

දිනය: 30-01-2019 | වේලාව: පෙ.ව 07:25 | 91

කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන් පවත්වයි

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කළ කලා ශිල්පි ශිල්පිනියන් ඇගැයිමට ලක් කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධානත්වයෙන් අද (29) පස්වරුවේ කොළඹ නෙථම් පොකුණ රගහලේ දී පැවැත්විණි. 

කලා ශිල්පි ශිල්පිනියන් දෙසීය දෙනෙකු පමණ මෙහිදී ඇගැයීමට ලක් කෙරුණු අතර විශිෂ්ටතා සම්මාන පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය. 

එහිදි රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා, රංගන ශිල්පිනි නෙතලි නානායක්කාර, ලේඛක දෙනගම සිරිවර්ධන මහතා , රංගන ශිල්පිනි අනුලා කරුණාතිලක මහත්මිය, රංගන ශිල්පිනි ලියෝනි කොතලාවල මහත්මිය, සංගීතඥ සුනිල් සිරිවර්ධන මහතා, ගායන ශිල්පිනි චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය සහ ලේඛක එන්.ඒ.එල් මූර්ති මහතා ඇතුළු කලා ශිල්පීන් රැසක් ජනාධිපතිවරයා අතින් සම්මාන ලබා ගත්තේය.

හේමා ප්‍රේමදාස මැතිණිය ද, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඩ්,  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, සරත්චන්ද්‍ර එදිරිසිංහ යන මහත්වරුන් සහ  ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ රැසක් මීට එක්ව සිටියහ.

 

මූලාශ්‍ර