Responsive image
English site
English site

දිනය: 12-06-2019 | වේලාව: ප.ව 03:19 | 45

කළු අජිත් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ජා - ඇල, මහවත්ත ප්‍රදේශයේදී “මිනුවන්ගොඩ කළු අජිත්” නමැති සංවිධානාත්මක අපරාධකරු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හීනැටියාන සංඛ නැමැති සැකකරු අද (12) මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

පසුගිය 05 වනදා ක්‍රිශාන්ත අජිත් කුමාර නොහොත් මිනුවන්ගොඩ කළු අජිත් නමැත්තා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කළේය.

ඒ ජා - ඇල පොලිස් වසමේ මහවත්ත ප්‍රදේශයේදීය.

 

මූලාශ්‍ර