Responsive image
English site
English site

දිනය: 15-03-2019 | වේලාව: ප.ව 03:38 | 65

ක්‍රයිස්චර්ච් ප්‍රහාරය නිසා බංගලාදේශ තරග සංචාරය අවලංගුයි

 

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර දේවස්ථානයක් ආශ්‍රිතව සිදුවු ප්‍රහාරය හේතුවෙන් බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය අවලංගු කිරීමට තීරණය කර ඇත.

ක්‍රයිස්චර්ච්හි අල්නූර් දේවස්ථානයට ඇතුළු වු තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.

නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරඟාවලිය සඳහා සහභාගී වීමට එරටට ගොස් සිටින බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සිකුරාදා දේව මෙහෙය සඳහා එම දේවස්ථානයට පැමිණෙන අතරතුර ප්‍රහාරය එල්ල වී තිබුණි.

කෙසේවෙතත් ඉන් බංගලාදේශ කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩකයෙකුට අනතුරක් සිදු නොවු බව එරට ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

මෙම සිද්ධිය මුල් කර ගනිමින් දෙරට අතර තරගාවලිය අවලංගු කිරීමට පියවර ගෙන ඇත.
 

 

මූලාශ්‍ර