Responsive image
English site
English site

දිනය: 11-02-2019 | වේලාව: පෙ.ව 08:46 | 49

ක්‍රිකට් විනාශ කළ අය ජනපතිගේ වේදිකාවෙන් බිමට බස්සවන්න

 

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ දූෂිත පුද්ගලයින් ජනාධිපතිවරයාගේ වේදිකාවෙන් බිමට බැස්සවීමට කාලය පැමිණ ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙන්වා දෙයි.

මේ වසර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි දිශාවට යොමු කිරීමේ වසරක් වනු ඇති බවටද අර්ජුන රණතුංග අමාත්‍යත්‍යවරයා අපේක්ෂා පළ කළේය.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී කළ ප්‍ර‍කාශයක් පිළිබදව අද (10) ගම්පහ පැවැති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍ර‍ශ්නයකට  පිළිතුරු දෙමිනි.

 ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය ගැන ජනාධිපතිවරයා පොළොන්නරුවේදී අදහස් දැක්වීමක් කළේ ඊයේ දිනයේදීයි.

ඊට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා දැක්වූ ප්‍ර‍තිචාරය වූයේ,

 “මං දන්න ජනාධිපතිතුමා හරි වෙලාවට තිරණ ගන්න කෙනෙක්. සමහර විට කාලය පැනලා ඇති. නමුත් ජනාධිපතිතුමා ඉක්මනින්ම තීරණයක් ගනීවි. ඒ වගේම දැන් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රීඩා අමැතිවරයෙක්. හරින් ප්‍ර‍නාන්දු මහතා. එතුමාත් හරි තීරණ ගන්න කෙනෙක්. අනිවාර්යෙන්ම ඉදිරි ක්‍රිකට් නිලවරණයෙන් පසුව අපිට ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි කරන්න පුළුවන් වේවි....”යි යනුවෙනි.

 

මූලාශ්‍ර