Responsive image
English site
English site

දිනය: 09-11-2018 | වේලාව: ප.ව 03:01 | 28

ක්‍රීඩකයින් තිදෙනෙකුට කොදෙව් තරගය අහිමි වෙයි

 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්වන සහ අවසන් පන්දුවාර 20යි 20යි ක්‍රිකට් තරගයෙන් ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු විවේක ගන්වා ඇත.

ඒ අනුව ජස්ප්‍රිට් බුම්රා, කුල්දිප් යාදව් සහ උමේෂ් යාදව් යන ක්‍රීඩකයින් තෙවන තරගය සහභාගී නොවන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

මීට අමතරව සිද්ධාර්ත් කෝල් මෙම තරගය සඳහා කැඳවා තිබේ.

ඉන්දියාව සහ කො‍දෙව් කණ්ඩායම අතර තෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟය ලබන 11 වනදා චෙන්නායි හිදී පැවැත්වීමට නියමිතව ඇත.

 

මූලාශ්‍ර