Responsive image
English site
English site

දිනය: 20-12-2017 | වේලාව: ප.ව 04:20 | 1426

කාන්තා කල්ලියක් පිටකොටුව හොල්ලයි

උත්සව සමයේ පිටකොටුවේ කොල්ල කෑම් වලට සුදානම් වන පිරිසක් පිලිබදව වාර්තා වේ.

පිටකොටුව නගරයට ඇදුම් පැළදුම් ගැනීමට එන පුද්ගලයන්ගේ සහ බස් රථ වල ගමන් ගන්නා මගීන්ගේ  පසුම්බි මෙම කොල්ල කරුවන්ගේ ඉලක්කය බවට පත් වී ඇත.

පසුගිය වර්ශයේද මෙවැනිම කණ්ඩායමක් කොල්ලකම් සිදු කර ඇති බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ මෙම පිරිස පුත්තලම වෙප්පමඩු  ප්‍රදේශයේ කාන්තා කොල්ලකල්ලියක් බවයි.

මෙම මංකොල්ල කල්ලිය 30 දෙනෙකුගෙන් සමන්විත වන අතර එම පිරිස වයස අවුරුදු 20ත් 50ත් අතර පසුවේ.

කණ්ඩායම් දෙකකට බෙදී එක් කණ්ඩායමක් මගීන් පිරුන බස් රථ වල පිරිමි අයගේ මුදල් පසුම්බි සොරකම් කරන අතර තවත් කණ්ඩායමක් කුඩා දරුවන්ගේ ගෙලෙහි බැදී රන් මාලය සහ  පංචායුදය සොරකම් කරන බව පොලිසිය සදහන් කරයි.

කෙසේ වෙතත් මෙම කාන්තා මංකොල්ලකරුවන්ගෙන් තිදෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර  ගත  කර ඇත.
 
පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම කණ්ඩායම පිලිබදව අවධානයෙන් සිටින ලෙසයි.

මෙම කාන්තා කොල්ල කල්ලිය ගැන තොරතුරු ඇත්නම් 0112-320470 යන අංකයට දැනුම් දෙන්නැයි පිටකොටුව පොලිසිය මහජනයාගෙන් ඉල්ලා සිටියි.

 

මූලාශ්‍ර