Responsive image
English site
English site

දිනය: 16-09-2019 | වේලාව: පෙ.ව 08:20 | 42

කොටහේන ආමර් බාබර් මංසන්ධිය ජලයෙන් යටවෙයි

කොටහේන ආමර් බාබර් මංසන්ධිය මුළුමනින්ම ජලයෙන් යටවීම නිසා අධික රථවාහන තදබදයක් හටගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ මේ හේතුවෙන් කුඩා ප්‍රමාණයේ මෝටර් රථ වලට එම ප්‍රදේශයෙන්  ගමන් කිරීමේ හැකියාවක් නොමැති බවයි.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

 

මූලාශ්‍ර