Responsive image
English site
English site

දිනය: 23-05-2019 | වේලාව: ප.ව 12:06 | 36

කොටහේන බ්ලූමැන්ඩල් පටුමගෙන් සැක කටයුතු මළ සිරුරක්

කොටහේන,බ්ලූමැන්ඩල් පටුමගේ නිවසක තිබී සැක කටයුතු ලෙස මියගිය විශ්‍රාමික වෛද්‍යවරයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත.


මියගොස් ඇත්තේ 67 හැවිරිදි විශ්‍රාමික වෛද්‍යවරයෙකු වන අතර ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත කොටහේන පොලීසිය විසින් අද (23) පෙරවරුවේ අදාල මල සිරුර සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.


සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

 

මූලාශ්‍ර