Responsive image
English site
English site

දිනය: 10-11-2015 | වේලාව: පෙ.ව 06:38 | 125

කොදෙව් පිල ලකුණු 206-9 රැස්කරගනියි - ලංකාවට ජය

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරඟයේ පළමු‍වෙන් පන්දුවට පහරදුන් කොදෙව් පිල පාන්දුවාර තිස්හය අවසානයේ  ලකුණු 206-9 ලබා ගන්නා ලදී.

 

 

කාසියේ වාසිය ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිලට ආරාධනා කළේය.

 

කෙසේ වෙතත් තරඟයට කාලගුණයෙන් බාධා පැමිණිම  හේතුවෙන් පන්දුවාර 36ට තරඟය සීමා කිරීම තරඟ තිරකවරයා තීරණය කරන ලදී.

 

 

ඒ අනුව පන්දුවාර තිස් හය අවසානයේ බටහිර ඉන්දීය  කොදෙව් පිල ලකුණු 206-09ලබා ගන්නා ලදී.


කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර‍ ලෙස  පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම දක්වත් ලුවිස් ක්‍රමයට වැඩි ලකුණු 19 න් ජයග්‍රහණය කළ අතර තරඟාවලිය 3-0 ක් ලෙස ජයග්‍රහණය කරන ලදී.

 

මූලාශ්‍ර