Responsive image
English site
English site

දිනය: 16-09-2019 | වේලාව: ප.ව 12:26 | 56

ගංඟා රැසක ජල මට්ටම ඉහලට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංඟා කිහිපයකම ජල මට්ටම ඉහළ යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව කැළණි ගඟ නෝවුඩ් ප්‍රදේශයෙන්, කලු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන්, අත්තනගලු ඔය දුනුමාලේ ප්‍රදේශයෙන් ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසන්නේ.

ඒ හේතුවෙන් ගංගා ආශ්‍රිත ප්‍රදේශ වල ජීවත් වන ජනතාවට අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කර සිටිනවා.

මූලාශ්‍ර