Responsive image
English site
English site

දිනය: 10-09-2019 | වේලාව: පෙ.ව 09:31 | 32

ගම්පහ සහ වත්තල ප්‍රදේශ රැසකට අද වතුර නැහැ

කැළණි ගඟ දකුණු ඉවුර ව්‍යාපෘතියේ දෙවන අදියරේ නව ජලනල පද්ධතියේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ගම්පහ සහ වත්තල ප්‍රදේශ රැසකට අද (10) පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව වත්තල,මාබෝල, ජා - ඇල සහ කටුනායක - සීදුව නගර සභා බල ප්‍රදේශ, වත්තල, මහර සහ ජා - ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සදහන් කරයි.

 

මූලාශ්‍ර