Responsive image
English site
English site

දිනය: 13-08-2019 | වේලාව: පෙ.ව 10:49 | 20

ගල් පෙරළීමේ අවධානමක් හේතුවෙන් කොටගල පිරිසක් ඉවත් කරයි

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් වතු නිවාස පෙළකට ගල් පෙරළීමේ අවධානමක් හේතුවෙන් වතු නිවාස 4ක පදිංචිකරුවන් එම ස්ථානවලින් ඉවත් කර අරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව කොටගල ප්‍රාදේශිය සභාව පවසයි.

ඊයේ(12) රාත්‍රීයේ මෙම පිරිස ඉවත්කළ එම ස්ථානවලින් ඉවත් කර අරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.

කොටගල ප්‍රදේශිය සභාව යටතේ පාලනය වන හැටන් කොටගල මේෆිල්ඩ් වතුයායේ වතු නිවාස පේලියකට ඊයේ(12) දහවල් විශාල ගල් දෙකක් සමඟ පස් කන්දක් කඩා වැටිම හේතුවන් එම නිවාස වල සිටි කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

එම වතු නිවාස  පේලියට ඉහලින් තවත් ගල් කිහිපයක් ගැල වි වතු නිවාස මතට පෙරලිමේ අවධානමක් පවතින නිසා නිවාස 4 කට අයත් සමාජිකයන් 18 දෙනෙකු එම වතුයායේ  පුස්තකාලයේ සහ සංස්කෘතික ශාලාවේ තාවකාලිකව නතර කර ඇති බව කොටගල ප්‍රාදේශිය සභාව පැවසිය.

වතු නිවාස පේලියට තවදුරටත් ගල් පෙරළිමේ අවධානම පිලිබදව  සොයා බලන ලෙස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයට වතු පාලන අධිකාරිය සහ කොටගල ප්‍රාදේශිය සභාව දැනුවත් කර ඇත.

ගල් පෙරලිමෙන් හා පස් කඳු කඩා වැටිමෙන් එම වතු නිවාස පේළියේ පදිංචිකරුවන්  භාවිතා කළ මුළුතැන්ගෙවල් වලට දැඩි අලාභ හානි සිදු වි ඇත.

 

මූලාශ්‍ර